ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් ගැන පුහුණුකරුගේ අදහස

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලත්න කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය කඩුලු 07 කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ,

“කුසල් මෙන්ඩිස් කියන්නේ ඇත්තටම හොඳ පිතිකරුවෙක්.ඔහු මේ අවස්ථාවේදී පීඩනයට පත්වෙලා ඉන්නේ.ඒ වගේම මෙන්ඩිස් අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමට නියමිත ක්‍රීඩකයෙක්. ඒ නිසා අපි බලනවා ඊළඟ දින කිහිපයේ මෙන්ඩිස්ගේ පුහුණුවීම හා හැසිරීම ඉන් අනතුරුව මීළඟ තරඟයට ඔහු ක්‍රීඩා කරනවාද නද්දා යන්න අපි බලමු.” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

 

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

කණ්ඩායමේ දුර්වලතා හදන්න හතුරු ඉවත් කිරීමෙන් හැකිවෙයිද?

Mohamed Dilsad

එංගලන්ත – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment