දේශීය

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

(UTV | කොළඹ) – මුඛ ආවරණ නොපැළඳ  සහ  දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව බස්නාහිර පළාතේ පුද්ගලයින් 2494 දෙනකු අවවාද කර මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ මෙම පිරිස අතරට මුඛ ආවරණ නොපැළදි  පුද්ගලයින් 1471 ක් සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1023 ක් ද වන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 258 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) පෙරවරු 6 සිට අද (23) පෙරවරු 6 තෙක් සිදුකළ වැටලීම් පරීක්ෂා කිරීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීම් සහ අවවාද කිරීම් සිදු කර ඇත.

Related posts

අනුයුක්ත සේවා කාලය අවසන් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

Mohamed Dilsad

154 වන පොලිස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment