දේශීයප්‍රමුඛ පුවත 3

ඉදිරි පැය 12 කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ වැසි [RELEASE]

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

එමෙන්ම දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

Related posts

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

Mohamed Dilsad

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

බණ්ඩාරගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල ගත කරයි

Mohamed Dilsad

Leave a Comment