දේශීය

නුගේගොඩ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

(UTV | කොළඹ) – නුගේගොඩ ගුවන් පාලම මතදී අද (20) පෙරවරුවේ යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.

කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා අනතුරින් මියගොස් තිබේ.

තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී

Editor O

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

Mohamed Dilsad

Leave a Comment