දේශීය

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

(UTV | කොළඹ) – හෙට (01) සිට බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ පිටි සහ කුකුල් මස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහත වැටීමෙන් පසුව මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර ප්‍රමාණවත් ආහාර තොග සහන මිලට වෙළෙඳපොළේ ඇති බවට සහතික වන ලෙස අසේල සම්පත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් සහ සියලුම බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද නිවේදනය කර තිබේ.

නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

Mohamed Dilsad

ශානි අබේසේකර නඩුවේ 4 වන සැකකරු අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment