විදෙස්

ඇමරිකාව විදෙස් සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අත් හරී

(UTV | ඇමරිකාව) – විදේශීය සිසුන් පිටුවහල් කිරීමේ සැලසුම අතහැර දැමීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන 02 ක් වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය සහ හාර්වර්ඞ් විශ්ව විද්‍යාලය විසින් අමෙරිකා රජයට එරෙහිව නඩු පැවරීමට තීරණය කිරීම ඊට හේතුව වී තිබේ.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පූර්ණ පාඨමාලා පැවැත්වීමට අධ්‍යාපන ආයතන රැසක් තීරණය කිරීමත් සමග ඒවායෙහි සිසුන්ට වහා සිය රටවලට යන ලෙසට අමෙරිකාව දැනුම් දී තිබුණි.

එහෙත් අධිකරණයේදී එම ගැටලුව සාකච්ඡා මගින් විසඳාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පැවසීය.

 

 

Related posts

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

Mohamed Dilsad

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාව

Mohamed Dilsad

Leave a Comment