Trending Newsඑසැන පුවත්දේශීය

යන්න ගිහින් ආපසු පැමිණි තුර්කි ගුවන් යානය පිටත්ව යයි…

කාර්මික දෝෂයකට ලක්වීමෙන් ආරක්ෂිත හදිසි ගොඩබෑමක් කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සඳහන් කළේ, එම යානය මගීන් 51ක් සමග ප.ව. 5.41ට මෙරටින් පිටත් වූ බවය.

කටුනායක සිට ඉස්තාන්බුල් බලා ඊයේ (16) පිටත්ව ගිය මෙම යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක වෙත ගොඩබෑමට කටයුතු කර තිබුණි.

ඒ වනවිට එම යානයේ මගීන් 202ක් සහ කාර්යය මණ්ඩල සමාජිකයන් 10 දෙනෙකු සිටියහ.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

முன்னாள் ஜனாதிபதி தினமும் ரணில் இருக்கும் திசையை நோக்கி வணங்க வேண்டும்

Mohamed Dilsad

வடமத்திய மற்றும் கிழக்கு மாகாண மருத்துவர்கள் நாளை பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment