දේශීය

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය.

ඒ , තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින්  ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලමින්.

නීතිඥ කේ.ධනුක ලක්මාල් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා , අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නීතිපති ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

Related posts

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කර පිරිස 61,000 ඉක්මවයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment