දේශීය

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය.

ඒ , තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින්  ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලමින්.

නීතිඥ කේ.ධනුක ලක්මාල් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා , අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නීතිපති ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

Related posts

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සංඝ සමගිය උතුම් බව දන්වමින්, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වෙති.

Editor O

විමල්ගේ ප්‍රකාශයකට එරෙහිව රිෂාඩ්ගෙන් CID යට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment