දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ පහසුකම් සපයා තිබේ.

Covid-19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

Editor O

කථානායකවරයාගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

Mohamed Dilsad

Leave a Comment