දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ පොලිස් නිලධාරියාට ඇප

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

 

මොරටුව අතිරේක මහෙස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරුව මුදාහැරීමට ය.

 

මෙම නඩුව බී වාර්තාක් මගින් ඉදිරිපත්‌ කර තිබූ අතර නැවත නොවැම්බර් 11 වනදා නඩුව කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

 

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් සමග මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හොරණ, දොඹගොඩ රණවිරුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

 

සැකකරු හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු 22 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ කලක ඔහු සිට අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවය.

 

මොරටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත ලැබුණු තොරතුරක් මත මොරටුව මුරවත්ත ක්ලෝවියස් මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related posts

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

Editor O

තැපැල් සේවා කටයුතු හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

වව්නියාවේ ගැටුමෙන් පොලීසියේ 05ක් රෝහලට

Editor O

Leave a Comment