Trending Newsඑසැන පුවත්දේශීය

වව්නියාවේ ගැටුමෙන් පොලීසියේ 05ක් රෝහලට

වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී පොලීසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එහිදී ගම්වාසීන් පිරිසක් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පහරදී ඇති බවද වාර්තා වෙයි.

ඒ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ සිද්ධියක් මත එම පුද්ගලයා මියගිය බව පවසමිනි. පොලීසිය පවසන්නේ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් මෙම සිදුවීම ගම්වාසීන් විසින් නිර්මාණය කර තමන්ට පහදුන් බවය.

වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේ යතුරුපැදිකරුවකු වැටී සිටින බවට, ප්‍රදේශයේ රථවාහන රාජකාරී සිදුකරමින් සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු දැනුම්දී තිබේ.

ඒ අනුව එම නිලධාරීන් සිව්දෙනා එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය පැවසීය. පහරදෙමින් එම පිරිස පවසා අත්තේ, එම පුද්ගලයා මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් බවය.

එමෙන්ම පොලිස් නිලධාරීන් ඒ අසළ වූ මත්පැන් හලකින් මත්පැන් පානය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන් එහිදී පවසා ඇත.

එමෙන්ම ගම්වාසීන් පිරිස පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා ගමන්කරමින් තිබූ යතුරුපැදියේ රෝදයක් තුළට පොලීසිය මුගුරක් දැමීම නිසා ඔහු ඇදවැටී මියගොස් ඇති බවය. නමුත් එලෙස සිදුවූවා නම් රෝදයට හානි සිදුවිය යුතු බවත්, අදාළ යතුරුපැදියේ රෝදයට කිසිඳු හානියක් සිදුවී නොමැති බවත් පොලීසිය පවසයි.

අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකායද පැමිණ තිබුණි. ගම්වාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතය.

Related posts

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Sri Lanka Rice Market MRPS come into Force

Mohamed Dilsad

குளமும் – கிராமும் என்ற வேலைத்திட்டத்தின் கீழ் நாட்டில் குளங்கள் புனரமைப்பு…

Mohamed Dilsad

Leave a Comment