විදෙස්

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියට සමුදෙයි

(UTV | දකුණු අප්‍රිකාව) –  දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා අද (13) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසණීප තත්ත්වයක් මත රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර  මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ඇය මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසුවිය.

හිටපු ජනාධිපති මැන්ඩෙලාට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි.

සින්ඩ්සිගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය

Mohamed Dilsad

ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ සූදානමක්..

Mohamed Dilsad

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment