විදෙස්

නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය

(UTV |  නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවෙන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 5 දක්වායි.

ගතවූ පැය 24 ක කාලය තුළ නවදිල්ලි නුවරින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 290 කි.

විදෙස් වාර්තා සඳහන් කළේ, එය පෙර දිනයට සාපේක්ෂව16%ක වැඩි වීමක් බවයි.

නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5% කින් ඉහළ ගොස් ඇති අතර එය බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත්තේ එම බරපතළ තත්ත්වය හේතුවෙනි.

Related posts

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්

Editor O

ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය

Mohamed Dilsad

Leave a Comment