විදෙස්

ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ සූදානමක්..

(UTV| ඇමරිකාව) – වෙනිසියුලානු ජනපති නිකලස් මදුරෝගේ ආදායම් මාර්ග දුර්වල කර ආර්ථික සබඳතා ද නවතා දැමීමට ඇමරිකාව සූදානම්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

නිකලස් මදුරෝ විසින් පැය 72 ක් ඇතුළත එරට සිටින සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඉවත්වන ලෙස දැනුම්  දුන්නේය.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කර ඇත්තේ එම දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගන්නා බවයි.

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපති මදුරෝ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රටින් පිටවන ලෙස දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායි

Mohamed Dilsad

වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනපති ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment