දේශීය

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පොලීසිය විසින් දිවයිනේ ස්ථාන දෙකක දී සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 128ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇත.

වඩුක්කෝට්ටේ පොලිස් වසමේ වරතෝලේ මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 124ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පා පැදි දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නවතා පරීක්ෂා කිරීමේ දී පා පැදි දෙකෙහි පිටුපස පොහොර මලු 2ක ගැට ගසා තිබිය දී ගංජා කිලෝ ග්‍රෑම් 124යි ග්‍රෑම් 750ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 හා 40 යන වයස්වල පසුවන සුළිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඊයේ (12) රාත්‍රී 7.10ට පමණ කොච්චිකඩේ පොලිස් වසමේ තෝප්පුව පාලම අසළ දී වෑන් රථයිකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 130ක් ද සැකකරුවන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හා 38 යන වයස්වල පසුවන ලිහිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? – පැෆ්රල්

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට

Mohamed Dilsad

කොළඹ නගරාධිපති තනතුර සජබ ට, : විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

Leave a Comment