දේශීය

තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට

කඳාන, පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට පසුගියදා ගොස් වෙඩිතබා පළායාමේ සිදුවීමක ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ අද (16) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

 

සැකකරු අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසිය සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම සිදුවීම වාර්තා වුණි.

 

කඳාන, පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට පසුගිය ඔක්තෝම්බර් 05 වනදා පැමිණි පුද්ගලයෙකු නිවසට වෙඩි තබා නිවැසියන් බියවද්දා පළා ගොස් තිබුණි.

 

ඒ සම්බන්ධයෙන් කඳාන පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබු බවය.

 

අනතුරුව ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන පරික්ෂා කිරීමේදි වැඩිතැබීමට පැමිණි පුද්ගලයා හඳුනාගෙන තිබු අතර ඔහු සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

 

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම් කාලයේ කඳාන පොලිස් නිලධාරින් ගොස් තිබුණේ සපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල, ගෝනවල ප්‍රදේශයේ නිවසකටය.

 

එහිදි සැකකරු විසින් පොලිස් නිලධාරින්ට බ්‍රවුනින්ග් වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර පොලිස් නිලධාරින්ද පෙරළා සැකකරුට වෙඩි තබා තිබේ.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

 

මියගිය ජේ. කුමාර් රාමයියා නැමැත්තා 49 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිදුවීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය සහ කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Related posts

තංගල්ල, නෙටොල්පිටිය ඉඩමකින් සැකකටයුතු රසායන ද්‍රව්‍ය තොගයක් හමුවේ….

Editor O

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

රුධිර පාරවිලන සේවාවද අඩාල වෙයි

Mohamed Dilsad

Leave a Comment