දේශීයව්‍යාපාරික

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළට

(UTV | කොළඹ ) – මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක රුපියල් ලක්ෂයක් ලෙස මිල සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් විය.

දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට හේතුව ලෙස ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම දක්වා තිබේ.

රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉකුත් මාස 14 තුල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම, එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇතැයි බවයි.

Related posts

තුඩාව මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

නුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනී

Editor O

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

Leave a Comment