දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

(UTV | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවලසිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් මහතා සමඟත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟත් සාකච්ඡා පැවැත්විය.

Related posts

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට අද එන පිරිස

Mohamed Dilsad

තිරිගු පිටි , පාන් මිළ ගැන අද ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment