දේශීය

තිරිගු පිටි , පාන් මිළ ගැන අද ගත් තීරණය

(UTV | කොළඹ) – වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර හමුවක් අද දින (05) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය කිරිම සදහා වූ තොග ඔවුන් සතුව ප්‍රමාණවත්ව පවතින බව එම සමාගම් දෙක ප්‍රකාශ කළ බවත්, තුර්කියෙන් හා ඩුබායි යන රටවල් වලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී වෙළෙඳපලේ තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත් සදහන් කළ අමාත්‍යවරයා තිරිගු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මේ මොහොතේ තිරිඟු පිටි සදහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් සඳහන් කරන ලදී.

ඉදිරි මාස හය සදහා දේශීය පරිභෝජනයට අවශ්‍ය තිරිගු පිටි අවශ්‍යතාවය පිළිබදව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යාංශ බළධාරීන් දැනුවත් කරන ලදී.

ඒ අනුව ඉදිරි පරිභෝජනය සදහා අවශ්‍ය තිරිඟු පිටි ප්‍රමාණයන් වෙළෙදපළට නිකුත් කරන ලෙස ආදාළ මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වලට ඉල්ලීම් කළ හැකි බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.

Related posts

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

Mohamed Dilsad

සීනිවල පාලන මිල ඉවත් කරන්නැයි ආනයනකරුවන්ගෙන් ලිපියක්

Mohamed Dilsad

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment