ක්‍රීඩා

මහින්දානන්ද දුන් ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) –  2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී සිදුවූ බව කියන පාවාදීමේ සිදුවීමට අදාළව හිටපු ක්‍රීිඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ලබාදී ඇති ලේඛන ඉදිරි පියවර සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටියේ නීතිපති උපදෙස් මත ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් බව වාර්තා විය.

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයට සියල්ල සුදානම්

Mohamed Dilsad

ඩිල්ෂාන්ගේ උපන් දිනට ICC යෙන් සිංහල සුභ පැතුමක්

Mohamed Dilsad

ධනුෂ්ක ගැන හා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment