ක්‍රීඩා

මහින්දානන්ද දුන් ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) –  2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී සිදුවූ බව කියන පාවාදීමේ සිදුවීමට අදාළව හිටපු ක්‍රීිඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ලබාදී ඇති ලේඛන ඉදිරි පියවර සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටියේ නීතිපති උපදෙස් මත ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් බව වාර්තා විය.

Related posts

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අද

Mohamed Dilsad

ඉන්දියාවට දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment