ක්‍රීඩා

ඉන්දියාවට දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07 ක ජයක්

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පැවති දෙවන විස්සයි 20 තරඟයෙන් කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

ඊයේ (07) පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 142 ක් රැස්කර ගත්තේය.

එහිදී කුසල් පෙරේරා ලකුණු 34ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 22ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 144ක් ලබාගෙන තරඟයේ ජය තහවුරු කළේය.

නායක කෝලි ලකුණු 30 ක් රැස්කරගත් අතර කේ.එල් රාහුල් ලකුණ 45ක් සහ ශ්‍රියාස් අයියර් ලකුණු 34ක් ලබා ගත්තේය.

Related posts

ආසියානු පාපන්දු සම්මේලනයේ සියලුම තරඟමාලා කල් දමයි

Mohamed Dilsad

අද විවෘත කෙරුණු ක්‍රීඩක නිවහන[PHOTOS]

Mohamed Dilsad

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

Mohamed Dilsad

Leave a Comment