ක්‍රීඩා

අද විවෘත කෙරුණු ක්‍රීඩක නිවහන[PHOTOS]

(UTV | කොළඹ) – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය තාක්ෂණික දැනුම පිළිබඳව පුළුල් මෙන්ම විශ්වාසනීය භාවයකින් යුතුව සැලසුම් සකස් කිරීමේ කේන්ද්‍රස්තානයක් ලෙසින් යොදා ගැනීමටය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලය ස්ථාපනය කොට තිබෙන මෙම ‘ක්‍රීඩක නිවහනෙහි එකවර පුද්ගලයින් 44 දෙනෙකුට නවා තැන් පහසුකම් ලබා ගත හැකි වන පරිදි ඉදි කර තිබේ.

වායු සමීකරණ පහසුකමද සහිත අති නවීන පහසුකම් රැසකින් සමන්විත වන මෙම ‘ක්‍රීඩක නිවහන’ ක්‍රීඩක අයිතියට පැවැරීම අද (09) මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැත්විණ.

Related posts

සන්රයිසස් පරදවා බැංගලෝර් කණ්ඩායමට ජය

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

Leave a Comment