දේශීය

පානදුර වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

(UTV | කොළඹ ) – අද (24) දහවල්කාන්තා මළ සිරුරක් පානදුර මුහුදු වෙරළ තීරයේ පාවෙමින් තිබීයදී හමුවී ඇත.

ජීවිතාරක්ෂක රාජකාරියේ නියුතු නාවික හමුදා සෙබළෙක් තම මුරපොළට ආසන්නයේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ගොඩට ගෙන තිබේ.

මළ සිරුර පාවෙමින් තිබූ ස්ථානයට ආසන්නයේ තිබී ඇයගේ බවට සැක සිතිය හැකි පසුම්බියක් , වැඩිහිටි හැඳුනුම්පතක් සහිත කුඩා බෑගයක් සහ පාවහන් යුවලක්ද තිබී හමුවී ඇත.

හැඳුනුම්පතට අනුව අදාළ කාන්තාව පානදුර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි බවට සැකකරන බවත් පොලීසිය පවසයි.

පානදුර පොලිස් අපරාධ අංශ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

අගමැති හරිනිට විරෝධය පළකළ ස්ටාලින්, රැස්වීමෙන් පිටව යයි.

Editor O

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

Mohamed Dilsad

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment