දේශීය

කැළණිය විශ්ව විද්‍යාලයේ CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන්ට ඇප

(UTV | කොළඹ) – කැළණිය විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ CCTV කැමරා පද්ධතිය ගලවා රුපියල් විසිහය ලක්ෂයකට අධික අනර්ථයක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් 9 දෙනා ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.

මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) මෙම නියෝගය නිකුත් කළ අතර , එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙක බැගින් එහිදී නියම කරනු ලැබීය.

කැළණිය විශ්ව විද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය පසුගිය පෙබරවාරි මස 24 වනදා එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ගලවා ඉවත් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කල පොලිසිය පෙරේදා පස්වරුවේ සැකපිට එම සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

නව කොරෝනා ආසාදිතයින් 92ක්

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට, කටුනායක ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම්

Editor O

Leave a Comment