Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට, කටුනායක ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය. එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට එම වැඩපිළිවෙළ අවසන් අදියරේ පසුවන බවය.

ඊට අදාළ තවත් නීතිමය කටයුතු කිහිපයක් සිදුකිරීමට නියමිත අතර, එය අවසන්වීමෙන් අනතුරුව මෙම වැඩපිළිවල ආරම්භ කිරීමට හැකි බව ඔහු සඳහන් කළේය. දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සඳහන්ය.

එමෙන්ම වැඩි කාලයක් සඳහා දිවයිනේ රැදී සිටින සංචාරකයින්ට වසර 8ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවද කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

රට බාර ගන්න මම සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

நாட்டின் பெரும்பாலான பகுதிகளில் இன்றும் மழை

Mohamed Dilsad

Premier to open UNESCO seminar on ‘Ending Crimes Against the Journalists’ on Dec. 04

Mohamed Dilsad

Leave a Comment