දේශීය

රිෆ්කාන් බදියුදීන් ජනපති කොමිසමට ලියයි

(UTV |කොළඹ) –  පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය ප්‍රවෘත්තියක් නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා දන්නා  සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන රිෆ්කාන් බදියුදීන් විසින් ඊයේ (ජුනි 23) එවැනි ඉල්ලීමක් සිදුකර ඇත්තේ, පෞද්ගලික නාලිකා කිහිපයක විකාශය  කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

2017 වර්ෂයේ මාර්තු මස කාන්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමකින් අනතුරුව සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, 2018 දෙසැම්බර් මාසයට පෙර දිනයක ඔහුට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බවට මාධ්‍ය මගින් අසත්‍ය පුවතක් ප්‍රචාරය වූ බවත් ඒ සම්බන්ධයෙන් තමා දන්නා සාක්‍ෂි කීමට අවස්තාවක් දෙන ලෙස රිෆ්කාන් බදියුදීන් සිය ලිපිය මගින් ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දී ඇත.

 

 

Related posts

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

Mohamed Dilsad

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

Leave a Comment