Trending Newsඑසැන පුවත්දේශීය

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

සහල් සඳහා උපරීම සිල්ලර මිලක් නියම කර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්.

දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260ක්.

මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක්. ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230කි.

එම ගැසට් නිවේදන දෙක පහතින්.

Related posts

United States, India, Japan raised concerns on Hambantota Port deal

Mohamed Dilsad

புதிய அரசாங்கத்தின் ”பட்ஜட்“ ஜனவரியில்

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

Editor O

Leave a Comment