Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ට එරෙහිව පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය පොලීසිය කියයි. යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය ට පැමිණිලිකර තිබේ.

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව පොලීසිය පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බව යාපනය පොලීසිය සඳහන් කළේය.

මීට පෙර ද රාමනාදන් අර්ච්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබූ බව වාර්තා වේ.

අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබූ බව සඳහන්ය. මන්නාරම රෝහල තුළ ගර්භණී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයට අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා මන්නාරම රෝහල වෙත ඇතුළු වී බාධා කළ බව වාර්තා වේ

Related posts

චතුරංග අබේසිංහ ශ්‍රී මතාන්නගේ නැතිවූ කීර්තිනාමය, සොයා ගත හැකි ආකාරය ගැන මහාචාර්යය නිර්මාල් දේවසිරිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Trump impeachment: Second whistleblower emerges

Mohamed Dilsad

உடவளவ நீர்த்தேக்கத்தின் அணைக்கட்டில் அபாய நிலை இல்லை

Mohamed Dilsad

Leave a Comment