Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා සාමාන්‍ය හෝටල් සහ ආපනශාලාවල කිරි හොඳි සහ පොල් සම්බල් ආහාර අළෙවි කිරීම නතර කර තිබේ. ඒ අනුව පොල් සම්බල් සහ කිරි හොඳි තරු පංතියේ හෝටල්වලට සීමා වූ සුඛෝපභෝගී ආහාර ගනයට උසස්වීමක් ලැබ තිබේ.

නගරවල පවතින සාමාන්‍ය හෝටල සහ ආපනශාලාවල පොල් සම්බෝල හා කිරි හොදි ලබාදීම නතර කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ යාමත් සමග ආපන ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

සහල්, පොල්, බිත්තර, ලූණු මිල අධික වීම හේතුවෙන් ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුව ඇති බවත් හෙතෙම කියා සිටී. කුකුළු මස් කිලෝවක් රුපියල් 1280 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය. ඔහු පවසන පරිදි ආප්ප සෑදීම සහ දේශීය මට්ටමින් අලෙවි කිරීමට දිවා ආහාර පාර්සල් සකස් කිරීම ද පොල් මිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව ඇතග

Related posts

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

ஜனாதிபதி திரைப்பட விருது விழா…

Mohamed Dilsad

Canadian Landscaper pleads guilty to murders of 2 Lankans

Mohamed Dilsad

Leave a Comment