දේශීය

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි.

 

ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි.

 

ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

 

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ ගියේය.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,985ක් ලෙසය.

Related posts

තවත් කොරෝනා අසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

හෙද වර්ජනයක අවදානමක්

Mohamed Dilsad

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment