විදෙස්

ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියේ සිටි දෙදෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

(UTV|ඇමෙරිකාව) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනේ.

විදෙස් වාර්තා පැවසුවේ කොවිඩ් අවදානමද නොතකමින් ඇමෙරිකාවේ ඔක්ලහෝමා හි ටුල්සා නගරයේ මෙම රැළිය පැවැත් වුණු බවයි.

රැළියෙන් අනතුරුව සිදුකෙරුණු කොවිඩ් පරික්ෂාවේදී මෙම කාර්ය මණ්ඩල සාමාජිකන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණි.

මෙම රැළියට සහභාගී වූ බොහෝ දෙනා මුඛ ආවරණ නොපැළැඳ, සමාජ දුරස්තභාවය නොතකමින් කටයුතු කළ බවද වාර්තා වේ.

 

Related posts

පරිගණක දෝෂයක් හේතුවෙන් ලන්ඩනයේ ගුවන්ගමන් අඩාලයි

Mohamed Dilsad

චාර්ල්ස් කුමරුටත් කොරෝනා

Mohamed Dilsad

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

Mohamed Dilsad

Leave a Comment