විදෙස්

ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියේ සිටි දෙදෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

(UTV|ඇමෙරිකාව) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනේ.

විදෙස් වාර්තා පැවසුවේ කොවිඩ් අවදානමද නොතකමින් ඇමෙරිකාවේ ඔක්ලහෝමා හි ටුල්සා නගරයේ මෙම රැළිය පැවැත් වුණු බවයි.

රැළියෙන් අනතුරුව සිදුකෙරුණු කොවිඩ් පරික්ෂාවේදී මෙම කාර්ය මණ්ඩල සාමාජිකන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණි.

මෙම රැළියට සහභාගී වූ බොහෝ දෙනා මුඛ ආවරණ නොපැළැඳ, සමාජ දුරස්තභාවය නොතකමින් කටයුතු කළ බවද වාර්තා වේ.

 

Related posts

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

Mohamed Dilsad

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment