දේශීය

සුරක්ෂා අයදුම්පත් රක්ෂණ සංස්ථාවට යොමුකරන ලෙසට දැනුම් දීමක්

(UTV | කොළඹ) –  පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව, රක්ෂණ ප්‍රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකි බව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112 357 357 යන දුරකථන අංකය හෝ සුරක්ෂා සේවාව සඳහාම වෙන්වූ දුරකථන අංක වන 0112 319 015 – 0112 319 016 හෝ 0112 319 017 ඇමතීමෙන් ලබාගත හැක.

Related posts

මැතිවරණය පවත්වන දිනය ඇතුලු තීන්දු රැසක් හෙට

Mohamed Dilsad

ඩොලරය තවත් ඉහළට

Mohamed Dilsad

මීගමුවෙන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න ගිය 47 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment