විදෙස්

පරිගණක දෝෂයක් හේතුවෙන් ලන්ඩනයේ ගුවන්ගමන් අඩාලයි

(උදයම්,ලන්ඩනය)   –   ලන්ඩනයේ හීත්‍රෝ සහ ගැට්වික් ගුවන් තොටුපලවල සියලූම ගුවන් ගමන් ඊයේ අත්හිටුවීමට සිදුවිය .

ඒ, බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ පරිගණක දෝෂයක් හේතුවෙන්. මේ නිසා ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන හීත්‍රෝ ගුවන් තොටුපලේ දහස් සංඛ්‍යාත ගුවන් මගීන් එම ගුවන් තොටුපලවල අතරමං වූ බවයි ලන්ඩන් වාර්තා සඳහන් කළේය.

පරිගණක දෝෂය සයිබර් ප්‍රහාරයක් නිසා ඇතිවූවක් නොවන බව බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ

එය බොහෝ විට එහි විදුලි සැපයුම හා සම්බන්ධ දෝෂයක් බව විශ්වාස කෙරේ.

කෙසේ නමුත් අද දිනයේදී ගැට්වික් ගුවන් තොටුපලේ ගුවන් ගමන් සියල්ල පාහේ සාමාන්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, හිත්‍රෝ ගුවන් තොටුපලේ ගුවන් ගමන් බහුතරයක් යළි ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ වුණි.

Related posts

ඉන්දිය ජාතික ආරක්ෂාව පිලිබඳ මොදිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයි

Editor O

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment