දේශීය

පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කර ගනී

(UTV | කොළඹ ) – කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇත.

සියදිවි හානිකර ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.

Editor O

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

LTTE විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment