දේශීය

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

(UTV | කොළඹ) – රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුමක් සෙවීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය වී ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි.

මේ සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිත බවට වාර්තාවේ.

එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් ද අද පැවැත්වීමට නියමිත විශේෂ අමාත්‍ය මණ්ඩල හමුව සඳහා එක්වනු ඇත.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ ද ඩොලර් අර්බුදයත් සමග ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

Related posts

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

Mohamed Dilsad

අගමැති හරිනි අමරසූරිය ට එරෙහිව විශ්වාසභංගයක්…!

Editor O

විමල්ගේ පුත්තලම මන්ත්‍රීගේ සහාය රනිල්ට

Editor O

Leave a Comment