දේශීය

ඕස්ට්‍රේලියාවේ සිට තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 98 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙල්බර්න් නුවර සිට එම පිරිස අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් බහුතරය මෙලෙස යළි දිවයිනට පැමිණ තිබේ.

මේ අතර ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු චෙන්නායි නුවර සිට ඊයේ (18) රාත්‍රි මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ දි  PCR පරීක්ෂණ  සඳහා යොමුකර ඇත.

පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීහිපයක තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

උදයංග අත්අඩංගුවට

Editor O

විස්සට වැඩි මෙරට සියලූදෙනාට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක්

Mohamed Dilsad

Leave a Comment