දේශීයප්‍රමුඛ පුවත 1

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

සියලු සිනමා ශාලා විවෘත කිරීමට පෙර විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.

තවද සිනමා ශාලාවලට පැමිණෙන්නන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් සිනමා ශාලා වසා දැමුණේ පසුගිය මාර්තු මස 14 වැනිදා වන අතර සිනමා ශාලා වසා තැබුණු කාලසීමාව මාස තුනකට අධික වේ.

චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විට ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් ලැයිස්තුගතව පවතියි.

Related posts

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

Leave a Comment