දේශීය

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ එම නිලධාරීන් ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 137 ක් සමඟ වයස අවුරුදු 45 ක කටුනායක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

Mohamed Dilsad

කැලණි ග⁣⁣ඟේ ජලමට්ටම තවදුරටත් ඉහළට

Editor O

ඉන්දන මිල සංශෝධනය අද (31)

Editor O

Leave a Comment