දේශීය

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ එම නිලධාරීන් ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 137 ක් සමඟ වයස අවුරුදු 45 ක කටුනායක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි.

Editor O

කළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment