දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශශ පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ ඇගයීම් සහතික

Editor O

තෝරාගත් ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට හමුදාව යොදවයි.

Editor O

Leave a Comment