දේශීය

බූරු පොළේ සිටි අම්මයි දුවයි ඇතුළු 11ක් අත්අඩංගුවට

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ තාප්පයකින් වටවූ සුවිසල් නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය.

 

බූරු පොළේ තිබී රුපියල් 73,940 ක මුදලක් සහ බූරු කුට්ටම ද පොලිස් බාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් පිරිස අතර නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ එකම පවුලේ මවක් හා දියණියක් ද වන බව පොලීසිය කියයි.

 

මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ප්‍රධාන ගේට්ටුව අසල ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු රඳවා සිටි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

පොලිස් නිලධාරීන් ඔවුන්ට නොදැනෙන්නට නිවස පිටුපස තාප්පයෙන් නිවසට ගොස් මෙම වැටලීම සිදුකර තිබුණි.

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ජල බිල්පතේ ගැටළු ඇත්නම් විසඳුම් ලබාදීමට විශේෂ අංකයක්

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති නාමල් සහ, මන්ත්‍රී ටීබී සරත් ⁣ගුටි නොකා නූලෙන් බේරෙයි.

Editor O

Leave a Comment