දේශීය

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට පනතක් ?

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි.

 

මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

 

“CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේක කොහේවත් ලියලාවත් නෑ. අහලත් නැතුව ඇති. ඒක තමයි මහ බැංකුව ප්‍රතිසංස්කරණය කරන්න පනතක් ගේන්න ඇමති මණ්ඩලය ගිය සඳුදා අනුමත කරා කියලා තොරතුරු ලැබෙනවා. තාම නෑ පාර්ලිමේන්තුවට ආවේ. මේක පිළිගත්තොත් තමයි බිලියන 2.9ක පළමු වාරිකය ලැබෙන්නේ. මේක තමා භයානකම සංශෝධනය. මම ඉල්ලා සිටිනවා සියලුදෙනාගෙන්ම මේක ජාතියේ ස්වෛරීත්වයට ඇති වෙන්න යන විශාල ප්‍රහාරයක්.”

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවට රට ඉදිරියට ගත හැකි වෙනත් විකල්ප විසඳුමක් පිළිබඳව කිසිවකුගේ අවදානය යොමුව නොමැති බව ඩිව් ගුණසේකර මහතා පවසයි.

Related posts

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද

Mohamed Dilsad

ඔක්. 01 රට විවෘත කරන්න සැළසුම්

Mohamed Dilsad

“ඉදිරි මැතිවරණ වලදී සන්ධාන බැහැ” – SLFP

Mohamed Dilsad

Leave a Comment