Trending News

ආණ්ඩුව දේශීය ණය උගුලකත් සිරවෙලා ද?

ජනවාරි මාසයේ සිට පෙබරවාරි 15 වනදා දක්වා කාලසීමාව තුළ රජය භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මඟින් රුපියල් බිලියන 1,033ක මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, දේශීය වශයෙන් ලබා ගත් ණය ගෙවීම සඳහා මෙලෙස ණය ලබා ගැනීම මඟින් ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය.

 

“රජයේ භාණ්ඩාගාර බිල්පත් හා තිලිණපත් ආශ්‍රයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය කිසිදු අඩුවීමක් අපට මේ වනවිට දැකගැනීමට ලැබෙන්නේ නෑ. ජනවාරි මාසයේ සිට පෙබරවාරි 15 දක්වා කාලය තුළ රජය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් රු බි 1,033ක පමණ ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. මෙම ණය ගැනීම තුළ භාණ්ඩාගාර බිල්පත්වලින් රු බි 812ක් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් රු බි 221ක ණය ප්‍රමාණයක රජය ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රජය මේ ණය මුදල් මේ ආකාරයට ලබාගන්නට වෙලා තියෙන්නේ පසුගිය කාල පරිච්ජේදය තුළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් ලබාගත් ණය ගෙවීම සඳහා.”

 

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ, විදේශිය ණය ගෙවීම පැහැරහැර ඇති ආණ්ඩුව දේශීය ණය උගුලක ද සිරවී ඇති බවය.

 

“රජය විදේශ ණය පැහැර හැරීම සිදුකරලා, දේශීය වශයෙන් දිගින් දිගටම ණය ලබාගැනීම යාම නිසා දේශීය ණය උගුලක රජය මේ වෙද්දි අසුවෙලා. ඒ නිසා වාර්ෂිකව විශාල පොළියක් ගෙවීමට සිදුවෙනවා. මේ ණය හා පොළිය ගැන සිතා බැලීමේ දී අනාගතයට පනවන ලද බද්දක් ලෙස සැලකිය හැකියි. මොකද අවසානයේ දී රජය ලබාගන්නා ණය හා පොළිය ජනතාව විසින් ගෙවිය යුතු වෙනවා.”

Related posts

பொல்கஹவெல தொடரூந்து போக்குவரத்து தொடர்ந்தும் பாதிப்பு

Mohamed Dilsad

නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

France urges tough Venezuela sanctions

Mohamed Dilsad

Leave a Comment