දේශීය

විදෙස් ගිනිඅවියක්, උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

 

සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන තිබේ.

 

සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අදාළ පුද්ගලයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දකුණු කළුතර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Related posts

හිටපු ජනාධිපති ගෝඨා හෙට ලංකාවට

Mohamed Dilsad

මෙම කාලය තුළ මුදල් භාවිත ගැනත් උපදෙස්

Mohamed Dilsad

තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අපරාධය

Mohamed Dilsad

Leave a Comment