දේශීය

අදත් කොළඹ හිරවෙයි ද ?

ආණ්ඩුව විසින් හඳුන්වාදී ඇති බදු සංශෝධනයට එරෙහිව අද (22) දිනයේ විරෝධතාවක් සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ, එම විරෝධතාවට සෙසු වෘත්තීය සමිති නියෝජනය කරන පාර්ශව කිහිපයක් ද එක් වීමට නියමිත බවය.

 

“වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන, අසාධාරණ බදු සංශෝධන ආපසු හරවලා, ඒ වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට බලකරමින් අද දවසේ දී මේ රටේ සියලුම වෘත්තීයවේදීන්, ඒවගේම සියලුම කේෂ්ත්‍රයන්ට අදාළ අනෙකුත් සියලු වෘත්තීය කාණ්ඩවල නියෝජිතයින් දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට ට දවල් 12 – 1 දක්වා පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයට එක්වෙන්න නියමිතයි. අද දවස ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කරලා තියෙනවා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මේ ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව.”

 

මාස කිහිපයක සිට බදු සංශෝධන ඉවත් කර ගන්නා ලෙස කළ ඉල්ලීමට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කරන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනනායක මහතා පවසයි.

Related posts

තම්බපවනි බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාට බංගලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් [PHOTOS]

Mohamed Dilsad

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment