Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික නිදහස් දින 78 වෙනි සැමරුම් උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත්කර තිබේ.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පූර්ව පෙරහුරු වැඩසටහන් හෙට (30) සිට පෙබරවාරි 2 වනදා දක්වා පැවැත්වේ.

එම දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව හෙට (30), අනිද්දා (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වාත් පූර්ව පෙරහුරුව පැවැත්වේ.

එමෙන්ම පෙබරවාරි 1වනදා පෙ.ව. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4වනදා පෙ.ව. 5 සිට නිදහස් දින උත්සවය අවසන් වනතුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව මෙම නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

Related posts

வட மேல் மாகாணத்திலுள்ள அனைத்துப் பாடசாலைகளும் மூடப்பட்டன

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

பாடசாலைகளில் கழிவறை வசதிகளை மேம்படுத்த நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment