දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර වරෙන්තුකරුවන් 515 ක්ද වන බවයි පොලිසිය පවසයි.

ඊයේ (14) පෙරවරු 06 සිට පස්වරු 05 දක්වා කාලය තුලදි මෙම මෙහෙයුම සිදු කරැ තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර විවෘත වරෙන්තුකරුවන් 286 ක් හා දින වරෙන්තුකරුවන් 229 ක්ද වේ.

මෙම මෙහෙයුමේදි මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 387 කි.

හෙරොයින් සමග සැකකරුවන් 172 ක් , ගංජා සමග සැකකරුවන් 74 ක් , නීති විරෝධි මත්පැන් සහ ගෝඩා සම්බන්ධ චෝදනා යටතේ සැකකරුවන් 108 ක්ද ඒ අතර වේ.

ඒ අතර අයිස් සමග සැකකරුවන් 18 ක් , මත්පැන් , දුම්වැටි සමග සැකකරුවන් 15 ක්ද වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කර තිබේ.

Related posts

තොරතුරු තාක්ෂණ බද්දෙන් රුපියල් කෝටි 1300ක ආදායමක්..?

Editor O

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment