Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු තාක්ෂණ බද්දෙන් රුපියල් කෝටි 1300ක ආදායමක්..?

තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් සඳහා මෙම වසරේ දී අලුතින් හඳුන්වා දෙන සියයට පහළොවක බද්දෙන් රුපියල් කෝටි එක්දහස් තුන්සියයක ආදායමක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මුදල් කාරක සභාව දැනුවත් කර තිබේ. එය දළ ජාතික නිෂ්පදිතයෙන් සියයට 0.04ක් වෙයි.

පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තිබුණේ මෙම බද්ද සියයට තිහක් කිරීමට ය. එහෙත් වත්මන් රජය මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා මත බද්ද සියයට පහළොව දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව මෙම කාරක සභාවට එක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම කාරක සභාවේ දී සඳහන් කළේය.

මෙම බද්ද හේතුවෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් අධෛර්යමත් වන බවට පසුගිය කාලය පුරාම චෝදනා එල්ල විය. එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ මෙරට වෙසෙන්නන් සියලු දෙනා බදු ගෙවීමට යටත් වන බව ය.

Related posts

landslide risk in Hatton

Mohamed Dilsad

சட்டவிரோத சுவரொட்டிகள், பதாகைகளை நீக்க 1,045 பணியாளர்கள்

Mohamed Dilsad

Dan Priyasad arrested

Mohamed Dilsad

Leave a Comment