දේශීය

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

(UTV | කොළඹ ) – කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවීමට ගිය මුදල් කොල්ලය වලක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මේ බව තහවුරු කළේය.

අදාල පොලිස් කොස්තාපල්වරයා ගමන් කළ යතුරු පැදිය බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේදි ඩිෆෙන්ඩරයක ගැටී තිබුනේ ජූනි 11 වනදායි.

අද (15) අලුයමඅනතුරින් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මියගොස් ඇත.

අදාල ඩිෆෙන්ඩර් රථය පැදවු පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් ඛළ අතර ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු බීමත්ව සිට ඇතැයි අනාවරණ වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේය.

සැකකරු නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

පශ්චාත් උපාධි පුහුණුවක් සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙකු විසින් රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරියට ව්‍යාජ ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කා පළා යාමට තැත් කර තිබුනේ ජූනි 9 වනදායි.

එහිදී රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයෙකු සමග එක්ව සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

එම සැකකරු අත්අඩංගුවට ගැනිමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගවත්තද සහය වි තිබේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි නඩු 12000 ඉක්මවයි

Mohamed Dilsad

රට විවෘත කිරීම ගැන තීරණය අද

Mohamed Dilsad

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment